BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
2026 ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලිය: පකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අවසන් මහා තරගයට
පකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව, 2026 ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. අවසන් මහා තරගය ලබන 13 වැනි දා ඩුබායිහිදී පැවැත්වීමට නියමිත ය.
දරුවන් 'නුසුදුසු ලෙස ස්පර්ශය': විවේචන ගැන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් බීබීසීයට පැවසුවේ කුමක් ද?
හොඳ ස්පර්ශය (proper touch) සහ නරක ස්පර්ශය (improper touch) යන සංකල්ප පිළිබඳව මේ වන විට සමාජයේ වැඩි අවධානයක් යොමු වී තිබේ. ඒ, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පෙනී සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග ය. මෙම විවේචන සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්ගෙන් බීබීසී සිංහල විමසීය.
පෞද්ගලික ඉන්ධන සමාගම් ඩීසල් බෙදා හැරීම සීමා කර ඇත්තේ ඇයි?
ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සැපයුම සිදුකරනු ලබන පෞද්ගලික සමාගම් විසින් එම ඉන්ධන සැපයුම් සීමා කිරීමක් සිදු කර තිබේ. මැදපෙරදිග පවතින යුද්ධය සමග ම ඉන්ධන මිල ඉහළ යාම පාලනය කිරීමට රජය විසින් ඉන්ධන සඳහා ලබා දුන් සහනාධාරය ජූනි මාසයෙන් අවසන් වීම හේතුවෙන් මෙසේ ඩීසල් නිකුත් කිරීම පෞද්ගලික සමාගම් විසින් සීමා කරනු ලැබ තිබේ.
වීඩියෝ, ගමින් ගමට ගොස් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂයින් සොයාගත් අප්සාරි , ධාවන කාලය 27,41
ග්‍රාමීය ප්‍රදේශවල නවක ක්‍රීඩිකාවන් ජාතික සංචිතයට හා 19 පහළ සංචිතයට හඳුන්වා දීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැඳවුම්කාරිය ලෙස වසර 8කට ආසන්න කාලයක් කටයුතු කළ අප්සාරි තිලකරත්න දැඩි උත්සහයක නිරත වූවා ය. කණ්ඩායම් ප්රයත්නයක් ලෙස, තමා ඇතුළු කණ්ඩායම දැරූ එම උත්සහය ගැන අප්සාරි බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාකකට එක්වෙමින් සිහිපත් කළා ය.
9/11 ප්‍රහාරය: සැප්තැම්බර් 11 ප්‍රහාරයේදී සිදුවූයේ කුමක් ද? මිය ගිය පිරිස කොපමණ ද?
2001 වසරේ එල්ල වූ මෙම ප්රහාරයන් නිසා ඇමෙරිකානු ජාතිකයින් දහස් ගණනක් ජීවිතක්ෂයට පත් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත ලෝකය පුරා ම ඉතා බරපතළ මෙන් ම දිගුකාලීන බලපෑම් ඇති විය.
අධික උණුසුම් පාන වර්ගවලින් පිළිකා අවදානමක් ඇති බවට විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්
තේ සහ කෝපි වැනි බීම වර්ග නිරන්තරයෙන්ම ඉතා උණුවෙන් පානය කිරීම නිසා, අන්නස්‍රෝතය එසේත් නැතිනම් ගලනාලයේ පිළිකා වැළඳීමේ අවදානම ඉහළ දමන බව බ්‍රිතාන්‍යයේ සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
වසර 38කට පසු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණියේ ඇයි?
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද (සැප්: 8) සිට සැප්තැම්බර් 10 වන දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙයි. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, එරට ආණ්ඩුවේ මෙන් ම පාලක භාරතීය ජනතා පක්ෂයේ දෙවන ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයා ලෙස සැලකේ. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ගුවන් ආරක්ෂණ පද්ධති සම්බන්ධයෙන් ඇතිවිය හැකි සහයෝගීතාවය පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ මූලාශ්‍ර උපුටා දක්වමින් 'ද හින්දු' වෙබ් අඩවිය වාර්තා කර සිටියි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය: මෙතෙක් සිදුවූයේ කුමක් ද?
2026 ජූලි 11 වන දා පැවති අධිකරණ සේවා සංගමයේ රැස්වීමට එහි සාමාජිකයින් 65 දෙනෙකු සහභාගි වූ අතර එහිදී පැවති රහසිගත ඡන්ද විමසීමේදී එම සියලු දෙනා අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීමට විරුද්ධව සිය මතය ප්‍රකාශ කර තිබිණි.
නැගෙනහිර වෙරළේ ඛනිජ වැලි: රටේ ඊළඟ විශාල අපනයන සම්පත ද? තවත් පාරිසරික අර්බුදයක් ද?
අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ප්‍රධාන වශයෙන් කැණීම් සිදු කිරීමට බලාපොරොත්තු වන මෙම ඛනිජ වැලි කැණීම්, ඒ සඳහා බලපත්‍ර ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සමාගම්වලට අනුව ඩොලර් බිලියනයක පමණ විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ගෙන එන කර්මාන්තයකි. කෙසේ නමුත් මෙයින් ඇති විය හැකි පාරිසරික බලපෑම මේ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ජන ජීවිතයට බලපෑමක් සිදු කරනු ඇති බවට එම ජනතාව සැක පළ කරති.
එල්නිනෝ: 'වැස්සේ නැත්නම් ඉතින් මේ අවුරුද්ද ජීවත් වෙන්න වෙන්නේ නෑ අපිට'
"මේ නියඟය නම් දරුණුයි අපිට සෑහෙන්න, රෑට ඉන්නත් බැහැ, දවල්ට ඉන්ත් බැහැ කොහොමටවත් දෙයියනේ," යැයි මොනරාගල, කොටියාගල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. කරුණාවතී බීබීසී සිංහල වෙත පැවසුවා ය. කරුණාවතී සහ පුංචිරාළ යුවළ පදිංචිව සිටින්නේ, මොනරාගල කොටියාගල කරකොළගස්පිටිය ප්‍රදේශයේ යි. දරුවන් 5 දෙනෙකුගේ මවක් වන ඇය දැන් දිවිගෙවන්නේ සිය ස්වාමිපුරුෂයා සහ අවිවාහක පුතු සමග යි.
කොළඹ සහ ගම්පහ පැය ගණනක් වතුර කැපීමට හේතුවූ රසායනික ද්‍රව්‍ය කාන්දුව ගැන මේ තොරතුරු දැන සිටියා ද?
පානීය ජලය සඳහා පිරිපහදු කිරීමට ගන්නා කැලණි ගඟෙහි ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව මතු වූ සැකයක් හේතුවෙන් සඳුදා (අගෝ: 24) රාත්‍රියේ සිට කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබිණි.




















































