වසර 36කට පසු අලුත් වූ බාලදක්ෂිකා නිල ඇඳුම් කට්ටලය එළිදක්වයි

Girl Guide

ඡායාරූප මූලාශ්‍රය, Girlguiding/Leonie Freeman

    • Author, එලා කිප්ලිං
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

සිය සාමාජිකාවන්ට "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" ලබා දීමේ අරමුණින් බාලදක්ෂිකා සංගමය විසින් වසර 30කට වැඩි කාලයක් තුළ එහි නිල ඇඳුම් පරාසයේ පළමු ප්‍රධාන ප්‍රතිනිර්මාණය එළිදක්වා ඇත.

මෙම නව සරල ක්‍රමවේදය යටතේ, සාමාජිකාවන් නිල ඇඳුමින් සැරසී සිටින බවට සැලකීමට නව ඇඳුම් පෙළට අයත් නිල ඇඳුමේ උඩුකය ඇඳුම (Top) පැළඳීම ප්‍රමාණවත් වේ.

රේන්බෝස්, බ්‍රව්නීස්, ගයිඩ්ස් සහ රේන්ජර්ස් යන අංශවල සාමාජිකාවන් දහස් ගණනකගෙන් ලැබුණු ප්‍රතිචාර මත නව නිල ඇඳුම් එකතුව නිර්මාණය කර තිබේ. එම ප්‍රතිචාරවලින් අනාවරණය වූයේ, විවිධ විකල්ප අතරින් තෝරා ගැනීමේ අවස්ථාව සහ තම පෞද්ගලික ශෛලිය ප්‍රකාශ කිරීමේ හැකියාව ඔවුන් ඉහළින් අගය කරන බව ය.

1990 වසරෙන් පසුව සියලු ම අංශවල නිල ඇඳුම් එකවර වෙනසකට ලක්වූ පළමු අවස්ථාව මෙය වන අතර, එහිදී "ප්‍රායෝගිකබව, පහසුව සහ තිරසරබව" කෙරෙහි මූලික අවධානය යොමු කළ බව බාලදක්ෂිකා සංගමයේ ප්‍රධාන විධායක ෆෙලිසිටි ඔස්වල්ඩ් පැවසුවා ය.

Two girls stand next to one another with their arms around the other's shoulder. The one on the left has curly ginger hair while the one on the right has dark, straight hair. They are both smiling. The girl on the left is wearing a short sleeved dark blue top with light blue cap sleeves and a small Girlguiding logo on the front. The other girl is wearing a royal blue hoodie with a circular Girlguiding logo patch on the front. The background is plain white.

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, බාලදක්ෂිකා නව නිල ඇඳුම් මාලාවට ඇඳුම් වර්ග 30ක් සහ අමතර උපාංග 15ක් ඇතුලත් වේ.

සංවිධානයේ උරුමය නවීන වර්ණ හා රටා සමග ඒකාබද්ධ කරමින් මෙම නිල ඇඳුම නිර්මාණය කර ඇති බව එම සංවිධානය සඳහන් කළේ ය.

මෙම එකතුවට ඇඳුම් අයිතම 30ක්, උපාංග 15ක් සහ ගෙළ පළඳින ස්කාෆ් (neckerchiefs) එකක් ද ඇතුළත් වන අතර, ටී-ෂර්ට් එකක මිල ස්ටර්ලිං පවුම් 12කින් ආරම්භ වේ.

මෙම නිර්මාණයට ඉණ පටියේ සැඟවුණු සාක්කු, තම්බ් හෝල්ස් සහ බාලදක්ෂිකා ලාංඡන පැළඳිය හැකි උරහිස හරහා පැළඳිය හැකි බෑග් ද ඇතුළත් කර තිබේ.

"මේක ඇත්තට ම හරි ම සුවපහසු යි, මේක කලින් තිබුණ ඇඳුම වගේ නෙවෙයි, එහා මෙහා ගමන් කරන්නත් පහසුවෙන් පුළුවන්," 12 හැවිරිදි ඉසී BBC Breakfast වැඩසටහනට පැවසුවා ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"මට ගොඩක් සාක්කු තියෙන එක හොඳයි. මොක ද මගේ ලාංඡන නිතර ම නැති වෙනවා. ඒවා තබා ගන්න තැනක් තිබිය යුතු යි," යැයි හත් හැවිරිදි බ්‍රව්නීස් සාමාජිකාවක් වන පොපි පැවසුවා ය.

කොට්ටයක් ලෙස ද භාවිත කළ හැකි බව කියූ නව බ්‍රව්නිස් ජැකට්ටුව ද පෙන්වමින් "ඒකේ තවත් රහස් සාක්කුවකුත් තියෙනවා," යැයි පොපි වැඩිදුරටත් පැවසුවා ය.

බාලදක්ෂිකා සංගමය වසර 30කට අධික කාලයකට පසුව සියලු ම අංශවල නිල ඇඳුම් එකවර යාවත්කාලීන කළ පළමු අවස්ථාව මෙය වේ.

"මෙම නව ඇඳුම් පෙළෙහි මූලික අරමුණ වන්නේ අපගේ විශිෂ්ට සංවිධානයේ කොටසක් ලෙස දැනෙන හැඟීම ලබා දෙන අතර ම ගැහැනු ළමයින්ට තම අදහස් ප්‍රකාශ කිරීමට නිදහස ලබා දීම යි," ඔස්වල්ඩ් පැවසුවා ය.

සාමාජිකාවන්ට මෙම නව ඇඳුම් පෙළ වහා ම මිල දී ගැනීමට අවශ්‍ය නොවන අතර, අලුත් ඇඳුමක් අවශ්‍ය වන තෙක් පැරණි නිල ඇඳුම ම තවදුරටත් භාවිත කිරීමට ඔවුන්ට අවස්ථාව පවතී.

"ඔබට පහසුවක් දැනෙන දේ" තවදුරටත් පැළඳිය හැකි බව ප්‍රධාන බාලදක්ෂිකා නිලධාරිනී ට්‍රේසි ෆොස්ටර් බීබීසී රේඩියෝ 4හි Today වැඩසටහනට අදහස් දක්වමින් පැවසුවා ය.

"ඔබ දැනට තියෙන පෝලෝ ෂර්ට් එකට කැමති නම්, ඒක අඳින්න බැරි වෙනකම් ම පාවිච්චි කරන්න," ඇය පැවසුවා ය.

Three girls standing next to one another and smiling with their arms around each other. The girl on the left is wearing a blue hoodie with the word 'Guides' on it in navy text above a yellow and white Girlguiding logo. The girl in the middle is wearing a light blue shirt, red neckerchief, and badge sash. The girl on the right is wearing a royal blue sweatshirt with 'Guides' on it in large letters and a cap.

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, 1990 දශකයේ ගර්ල් ගයිඩින් (Girlguiding) නිල ඇඳුම්

එක්සත් රාජධානියේ වයස අවුරුදු 6ත් 16ත් අතර ගැහැනු ළමයින් 2,000කගේ සහභාගීත්වයෙන් ජූනි මාසයේදී බාලදක්ෂිකා සංගමය පැවැත්වූ සමීක්ෂණයකින් හෙළි වූයේ, 93%කට ම වඩාත් ම පහසුවක් දැනෙන්නේ තමන්ගේ ම විලාසිතාව තෝරා ගැනීමට ඉඩ ලැබෙන විටදී බව ය.

බාලදක්ෂිකා සංගමයේ තානාපතිනියක මෙන් ම නිවේදිකාවක වන ඇන්ජලිකා බෙල් පැවසුවේ, මෙම නව නිර්මාණ මගින් "ගැහැනු ළමයින්ට සහ ස්වේච්ඡා සේවිකාවන්ට තමන්ට ගැලපෙන ලෙස විලාසිතා කිරීමට නිදහස ලැබෙන" බව ය.

ඇය වැඩිදුරටත් පැවසුවේ, "නව නිල ඇඳුම මගින් දැරියන්ට සහ ස්වේච්ඡා සේවකයන්ට තමන්ගේ ම අනන්‍යතාව වැළඳ ගැනීමට හැකියාව ලබා දෙනවා," යනුවෙනි.