අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා ඉන්දියාවේ තරුණ තරුණියන් දහස් ගණනක් විරෝධතාවයේ නියැළෙන්නේ ඇයි?

Supporters of the Cockroach Janta Party (CJP) hold posters of Sonam Wangchuk after authorities moved him to a hospital during his hunger strike, during a protest demanding the resignation of Indian Education Minister Dharmendra Pradhan, in Mumbai, India, July 19, 2026.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ආධාරකරුවෝ සෝනම් වන්ග්චුක් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිති.
    • Author, මයිකල් ෂීල්ස් මැක්නමී
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

ඉන්දියාවේ, දස දහස් ගණනක් Gen Z විරෝධතාකරුවෝ අගනුවර වන දිල්ලියේ වීදිවලට බැස, රටේ අධ්‍යාපන අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටිති.

මාස කිහිපයකට පෙර උපහාසාත්මක ඔන්ලයින් ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ කැරපොතු ජනතා පක්ෂය (CJP), දැන් ඉන්දියාවේ වඩාත් ම කැපී පෙනෙන තරුණ ව්‍යාපාරයකි.

ඇත්තට ම මෙලෙස විරෝධතාවක් ඇතිව තිබෙන්නේ ඇයි?

සිසුන් වීදි බැස විරෝධතාවල නිරත වූයේ ඇයි?

හාස්‍යය මුසු ව ආරම්භ වුව ද, තරුණ විරැකියාව ඉහළ මට්ටමක පවතින ඉන්දියාවේ, කැරපොතු ජනතා පක්ෂය ඉක්මනින්ම බොහෝ අතෘප්තිමත් තරුණයින් ආකර්ෂණය කර ගත්තේ ය.

පක්ෂයක නමක් ලෙස එහි නම පැවතිය ද, එය දේශපාලන පක්ෂයක් නොවේ. මෙම ව්‍යාපාරය මෙහෙයවනු ලබන්නේ 30 හැවිරිදි දේශපාලන සන්නිවේදන උපායමාර්ගිකයෙකු සහ බොස්ටන් විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍යයෙකු වන අභිජීත් ඩිප්කේ විසිනි.

ඔහු බීබීසී වෙත පැවසුවේ එය විහිළුවක් ලෙස ආරම්භ කළ බව යි. "අපි සියලු දෙනාට ම එකට එකතු වෙන්න, ප්ලැට්ෆෝම් එකක් ආරම්භ කළ යුතුයි කියලා මට හිතුණා."

එහෙත් Google පෝරමයක් හරහා ව්‍යාපාරයට එක්වීමට අවස්ථාව ලබා දීමෙන් පසු, ඔහුට දස දහස් ගණනක් ප්‍රතිචාර ලැබිණි.

මෙය එම ව්‍යාපාරය බරපතළ විරෝධතා ව්‍යාපාරයක් බවට පත්වීමට හේතු වූ අතර, පසුගිය ජූලි 9 වැනිදා ඔවුන් නිවේදනය කළේ ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුව දක්වා පාගමනක් සංවිධානය කරන බවයි. දිල්ලියේ දස දහස් ගණනක් ජනතාව ඊට සහභාගී වූහ. මුම්බායි, බෙංගලූරු සහ ගෝවා ඇතුළු අනෙකුත් නගරවල ද සිය ගණනක් ජනතාව විරෝධතාවලට සහ ඉටිපන්දම් දැල්වීමේ සැමරුම් සඳහා එක් වූහ.

ප්‍රකට ඉංජිනේරුවෙකු සහ ක්‍රියාකාරිකයෙකු වන සෝනම් වන්ග්චුක්ට සැලකූ ආකාරය හේතුවෙන් එම විරෝධතාවය වඩාත් වැදගත් සහ සංකේතාත්මක එකක් බවට පත්විය.

ජුනි 28 වන දින, ඔහු CJP ව්‍යාපාරයට සහාය දක්වමින් මධ්‍යම දිල්ලියේ ජන්තර් මන්තර් හිදී උපවාසයක් ආරම්භ කළේය. ජන්තර් මන්තර් යනු වසර 300ක් පැරණි නිරීක්ෂණාගාරයක් වන අතර එය බොහෝ විට විරෝධතා සඳහා ස්ථානයක් ලෙස භාවිතා කරයි.

ජූලි 18 [සෙනසුරාදා], 59 හැවිරිදි සෝනම් වන්ග්චුක් බලහත්කාරයෙන් රෝහල්ගත කිරීම CJP ආධාරකරුවන්ගේ දැඩි විවේචනයට ලක් වූ අතර, ඒ හරහා විරෝධතා ව්‍යාපාරය වෙත තවදුරටත් මහජන අවධානය යොමු විය. රෝහල්ගතව සිටියද ඔහු සිය උපවාසය අඛණ්ඩව පවත්වාගෙන ගියේය.

ඔවුන් 'කැරපොතු' විරෝධතාකරුවන් ලෙස හඳුන්වන්නේ ඇයි?

කැරපොතු ජනතා පක්ෂය යන නාමය බිහි වූයේ ඉන්දියාවේ අගවිනිසුරු සූර්යා කාන්ත් විසින් කළ ප්‍රකාශවලට ප්‍රතිචාරයක් ලෙස ය.

මැයි මාසයේ පැවති අධිකරණ කටයුත්තකදී, ඔහු රැකියා විරහිත තරුණයන් ජනමාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරීකයන් වීමට යොමුවීම කැරපොත්තන් හා පරපෝෂිතයන්ට සමාන කළ බවට චෝදනා එල්ල විය.

පසුව ඔහු පැහැදිලි කළේ, තමන් සඳහන් කළේ "ව්‍යාජ සහ බොරු උපාධි" ඇති පුද්ගලයන් ගැන මිස, ඉන්දියානු තරුණයන් ගැන පොදුවේ නොවන බව යි.

මෙම නාමය, 2014 සිට බලයේ සිටින අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) නාමයේ උපහාසාත්මක අනුවාදයකි.

අන්තර්ජාලයෙන් සැබෑ ලෝකයට පැමිණි මෙම ව්‍යාපාරයේ තරුණ ස්වේච්ඡා සේවකයන්, පිරිසිදු කිරීමේ වැඩසටහන් සහ විරෝධතාවලදී කැරපොත්තන් ලෙස සැරසී පෙනී සිට ඇත.

Security force personnel wield batons against demonstrators at a protest site during a planned march by supporters of India's Cockroach Janta Party towards parliament on the opening day of its monsoon session, demanding the resignation of Education Minister Dharmendra Pradhan over exam paper leaks near Jantar Mantar, New Delhi, India, July 20, 2026.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සඳුදා [ජූලි 20] පැමිණි විශාල ජනකාය විසුරුවා හැරීමට පොලීසිය බැටන් පොලු ප්‍රහාර සහ කඳුළු ගෑස් භාවිත කිරීම හේතුවෙන් පුද්ගලයන් බොහෝ දෙනෙකු තුවාල ලැබූහ.

කැරපොතු ජනතා පක්ෂයට අවශ්‍ය වන්නේ කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කැරපොතු ජනතා පක්ෂය ප්‍රධාන වශයෙන් ම ඉන්දියාවේ අධ්‍යාපන පද්ධතිය සම්බන්ධයෙන් ඇති ගැටලු පිළිබඳව විරෝධය පළ කරයි.

ජාතික සුදුසුකම් සහ ප්‍රවේශ විභාගය (NEET) යනු රට පුරා වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වීම සඳහා වන ඉන්දියාවේ ප්‍රධාන ප්‍රවේශ විභාගයයි.

මාස ගණනාවක් තිස්සේ සූදානම් වීමෙන් පසු මැයි 3 වන දින සිසුන් මිලියන 2.28ක් පමණ විභාගයට පෙනී සිටි අතර, සමහරු මේ කුප්‍රකට විභාගය ඉතා දුෂ්කර බැවින් වසර ගණනාවක් ඉගෙන ගෙන පාඩම් කර තිබිණි. දින කිහිපයකට පසු, විභාගයට පෙර විභාග ප්‍රශ්න කාන්දු වී ඇති බවට චෝදනා එල්ල වූ බැවින් විභාගය අවලංගු කරන ලදී.

සති කිහිපයකට පසු දැඩි ආරක්ෂාවක් යටතේ විභාගය නැවත ලිවීමට සිදු වූ අපේක්ෂකයින්ට එය දැඩි බලපෑමක් එල්ල කළේය. මේ සම්බන්ධයෙන් ඇති වූ කෝපය CJP විරෝධතාව ආරම්භ කිරීමට එක් හේතුවක් විය.

විභාගය අවලංගු කිරීමෙන් පසු ඇති වූ මානසික පීඩනය හේතුවෙන් සිසුන් 20 දෙනෙකු පමණ දිවි නසාගෙන ඇති බවට ද CJP සහ පවුල්වල සාමාජිකයෝ චෝදනා කරති.

2024 දී ද NEET විභාගය මතභේදයන්ට ලක් විය.

විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් සම්බන්ධයෙන් වැඩි වගකීමක් සහිතව අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ට ඉල්ලා අස්වන ලෙසත් CJP ඉල්ලා සිටී.

සතිඅන්තයේ වන්ග්චුක් බලහත්කාරයෙන් රෝහල් ගත කිරීමත් සමඟ , CJP නායක අභිජීත් ඩිප්කේ ද මෝදී ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියේ ය.

Abhijeet Dipke, founder of the youth-led satirical political movement Cockroach Janta Party (CJP), sits on hunger strike as supporters of CJP protest in New Delhi, India, 19 July 2026.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, උපවාසයේ නියැළී සිටි සෝනම් වන්ග්චුක් රෝහලකට රැගෙන ගිය පසු අභිජීත් ඩිප්කේ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළ නමුත්, සඳුදා [ජූලි 20] තම උපවාසය අවසන් කරන ලෙස කළ ඉල්ලීම්වලට අනුව ඔහු එය අවසන් කළේ ය.

CJP විරෝධතාවයේ බලපෑම කුමක්ද?

අධ්‍යාපන අමාත්‍යවරයා ඉවත් කිරීමටත් අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමටත් යන තම අරමුණු CJP දිනා ගනී ද යන්න පැහැදිලි නොවුව ද, එය ඉන්දියාවට විශාල බලපෑමක් සිදු කර තිබේ.

පසුගිය සඳුදා පැවති විරෝධතාව, මෑත වසරවලදී අගනුවර තුළ මෝදි රජයට එරෙහිව පැවති විශාලතම විරෝධතාව විය.

විරෝධතාකරුවන් බාධක තල්ලු කරමින් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කිරීමෙන් පසු පොලීසිය බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් මගින් ජනතාව විසුරුවා හැරීමට උත්සාහ කළේ ය. මේ නිසා විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් ඇතුළුව බොහෝ දෙනෙක් තුවාල ලැබූහ.

එම දිනය අවසන් වන විට, නිලධාරීහු ජන්තර් මන්තර්හි ස්ථාපිත කර තිබූ වේදිකාව සහ තාවකාලික කූඩාරම් ද ඉවත් කළහ. එය වසර 300ක් පැරණි නිරීක්ෂණාගාරය අසල පිහිටි විරෝධතාවයේ ප්‍රධාන කඳවුර විය. එහෙත් විරෝධතාකරුවෝ පිටත්ව යාම ප්‍රතික්ෂේප කළහ.

වර්ෂාව මෙන් ම දිල්ලියේ දැඩි උණුසුම සහ ආර්ද්‍රතාවයද නොතකා, ජනතාව අඛණ්ඩව එම ස්ථානයේ රැඳී සිටිති.

පොලිස් මර්දනයෙන් දිනකට පසු, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායකයන් කිහිප දෙනෙකු මෝදිගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් පවත්වා, විරෝධතාකරුවන්ට එරෙහිව ගත් පොලිස් ක්‍රියාමාර්ග හෙළා දැක්වූහ.

කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විපක්ෂ නායක රාහුල් ගාන්ධි පැවසුවේ, පාර්ලිමේන්තුව තුළ මෙම කාරණය ඉදිරිපත් කිරීමට අවසර නොලැබුණු නිසා පක්ෂය මෝදිගේ නිවස ඉදිරිපිට විරෝධතාව පැවැත්වීමට තීරණය කළ බව යි.

පසුව කොංග්‍රස් පක්ෂය විසින් ගාන්ධි සහ අනෙකුත් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන පොලිස් බස් රථවලින් රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ පළ කළේ ය. ඔවුන් පැය කිහිපයකට පසු නිදහස් කරන ලදී.

Indian opposition leader Rahul Gandhi is detained by police during a sit-in protest outside Prime Minister Narendra Modi's residence, demanding accountability for police action against students, in New Delhi, India, July 21, 2026.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, විපක්ෂ නායක රාහුල් ගාන්ධි අගමැති මෝදිගේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාවකදී අත්අඩංගුවට ගන්නා ලදී.

වෙනත් විපක්ෂ නායකයින් කිහිප දෙනෙක් ද පොලිස් ප්‍රතිචාරය විවේචනය කරමින් වගවීමක් ඉල්ලා සිටියහ.

මේ අතර, සඳුදා සිදු වූ ප්‍රචණ්ඩත්වයෙන් පසු ප්‍රථම වරට අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා, කොංග්‍රස් පක්ෂය "ලජ්ජාවක් නැතිව ලෙස සිසුන් දේශපාලන මෙවලම් ලෙස යොදා ගන්නා බව," පවසමින් විවේචනය කළේ ය.

"රජය සම්පූර්ණ සාකච්ඡාවක් සඳහා සූදානම් බව දැනුම් දුන් පසුවත්, කොංග්‍රස් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයට වඩා දේශපාලන සංදර්ශනය තෝරා ගත්තා. ඔවුන්ගේ අරමුණ කිසිවිටෙකත් සිසුන් සඳහා විසඳුම් ලබා දීම නොවෙයි. ඒක දේශපාලන සිරස්තල හදාගන්න කරන එකක්," යනුවෙන් ප්‍රධාන් Xහි පළ කළ සටහනක සඳහන් කළ අතර, සිසුන්ගේ ගැටලු විසඳීමට රජය තවදුරටත් කැපවී සිටින බව ද එකතු කළේ ය.

කෙසේ වෙතත්, ප්‍රධාන් දැනට පවතින විරෝධතා පිළිබඳව සෘජුව සඳහන් නොකළ අතර, ඔහුගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් CJP වෙතින් ඉක්මන් ප්‍රතිචාරයක් ලැබී නොතිබිණි.